Lyrics...Rangana Rangana
×
රඟන රඟන රඟන රඟන - රඟන කතාවේ
මිමින මිමින මිමින මිමින - ඉඹින වතාවේ
රණ මොණර නැටුම විහිදන පිල් - දිලෙන ලතාවේ
හිස කේසර සේ ලෙළෙන ඔබට - නැත පිටු පෑවේ
පහද කළඹන මන පුබුදන උවන මතා
සිප සනසන සිතුවිලි නැගුණේ නොහිතා
නැත බිඳකුදු මින් පෙර මුදු සුවඳ ඉතා
ඔබ දැවටී සිත ඉපිලේ හිතා මතා
අමනාප නොදා මේ - දෙනවා අවධානේ
හැමදාම සුහදවී සන්තානේ
අපි තුරුල්වෙලා ඉමු හන්තානේ
විනිවිදවම හදවත මැද රැඳෙන නිසා
දිවි දෙවනුව පෙම මුල් වන්නේ එනිසා
මිහි නැගුනෙ ද රුදු බාධක වට ගවසා
හැම බිඳ ගෙන මම එන්නේ ඔබම නිසා
හද නාද නගා මේ - දිනනාම උදානේ
හැමදාම සුහදවී සන්තානේ
අපි තුරුල්වෙලා ඉමු හන්තානේ